සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සීනි සහ මේදය පාලනය කර ගන්නේ කොහොමද?

ප්‍රකාශනය: 2026 අප්‍රේල් 13 | 
කියවීමේ කාලය: විනාඩි 05 - 08.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය යනු රසවත් කෑම බීම, නෑදෑ හිතමිතුරන් හමුවීම සහ සතුටින් පිරුණු කාලයකි. නමුත්, ඔබ දියවැඩියාව (Diabetes) හෝ ලේ මේ ද (Cholesterol/Triglyceride) තත්ත්වයන්ගෙ න් පෙළෙන අයෙක් නම්, මේ කාලය ඔබට යම් අභියෝගයක් විය හැකිය.

family at sinhala hindu new year table

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සීනි සහ මේදය පාලනය කර ගන්නේ කොහොමද?

 

1. රස කෑම කන්න – හැබැයි ප්‍රමාණය පාලනය කරන්න

අවුරුදු කෑම මේ සයේ ඇති කැවුම්, කො කිස්, කිරිබත් වැනි කෑම සම්පූර්ණයෙ න්ම නතර කළ යුතු නැත. මෙ හිදී වැදගත් වන්නේ මධ්‍යස්ථව (Moderation) ආහාර ගැනීමයි. 

  • එකවර ආහාරයට ගන්නා ප්‍රමාණය සීමා කරන්න. 
  • දිනකට කැවිලි වර්ග 1ක් හෝ 2ක් වැනි ප්‍රමාණයකට සීමා වන්න. 
  • දිනය පුරාම වරින් වර කෑම ගැනීමෙන් වළකින්න. 
  • ලේ සීනි එකවර ඉහළ යාම වැළැක්වීමට, මෙම කැවිලි වර්ග ප්‍රධාන ආහාර වේලකට පසුව ලබා ගන්න.

 

2. සාමාන්‍ය ආහාර වේල අත්හරින්න එපා

කැවිලි කෑම සඳහා ඉඩ තබා ගැනීමට සිතා උදේ , දවල් හෝ රාත්‍රී ප්‍රධාන ආහාර වේල් මග හැරීම වැරදි පුරුද්දකි. එමගින් පසුවට වැඩිපුර ආහාර ගැනීමට පෙළඹෙන අතර ලේ සීනි සහ මේදය ඉක්මනින් වැඩි විය හැකිය. එබැවින් නියමිත වේලාවට සාමාන්‍ය ආහාර වේල් ලබා ගන්න. බොහෝ තෙල් භාවිතා කර පිසූ ආහාර හෝ රස කැවිලි වැඩිපුර අනුභවයෙන් Cholesterol සහ Triglyceride වැඩිවිය හැක.

 

3. තෙල් සහ සීනි භාවිතය ගැන සැලකිලිමත් වන්න

අවුරුදු කෑම බොහොමයක් තෙල් සහිත ඒවා බැවින්, ඒවා වැඩිපුර ආහාරයට ගැනීමෙන් හෘද රෝග අවදානම වැඩි විය හැකිය. 

  • තෙල් සහිත ආහාර දිනකට 1-2 කෑල්ලකට සීමා කරන්න. 
  • ගෙදරදී කෑම සාදන විට සීනි ප්‍රමාණය අඩු කරන්න. 
  • තෙල් වැඩි කෑමවලින් තෙල් ටිකක් ඉවත් කර අනුභව කරන්න. 
  • එකම තෙල් නැවත නැවත ආහාර පිසීමට භාවිතා නො කරන්න.

 

4. ශරීරය ක්‍රියාශීලීව තබා ගන්න

ව්‍යායාම මගින් සීනි සහ කොලෙස්ටරෝ ල් පාලනය කළ හැකිය. අවුරුදු කාලයේ දී ස්වභාවිකවම ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝ ජන ගන්න. 

  • නිවස පිරිසිදු කිරීම සහ ගෙවතු වැඩ. 
  • අවුරුදු ක්‍රීඩා වල නිරත වීම. 
  • අරමුණක් ලෙස දිනකට අවම වශයෙන් මිනිත්තු 30ක් වත් ඇවිදින්න. 

 

5. පාන වර්ග තේරීමේදී බුද්ධිමත් වන්න

පැණි බීම (Soft drinks) වල සීනි අධික බැවින් ඒවා වෙනුවට පහත විකල්ප භාවිතා කරන්න: 

  • වැඩිපුර වතුර බොන්න. 
  • සීනි රහිත ශාකසාර පාන (Herbal drinks) ලබා ගන්න. 
  • පලතුරු යුෂ (Fruit juice) වුවද අධික ලෙස පානය කිරීමෙන් වළකින්න.

 

6. බෙහෙත් සහ පරීක්ෂාවන් අමතක නොකරන්න

අවුරුදු සමරන අතරතුර බෙහෙත් ගැනීමට අමතක කිරීම අවදානම් සහගතය. 

  • නියමිත වේලාවට බෙහෙත් ගන්න. 
  • ගමන් බිමන් යන විට ඖෂධ රැගෙන යාමට මතක තබා ගන්න. 
  • ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් රහිතව ඖෂධ මාත්‍රාවන් වෙනස් නො කරන්න.
  • දියවැඩියාව ඇති අය ලේ සීනි පරීක්ෂා කිරීම වැඩිපුර සිදු කරන්න.

 

තද දාහය, නිතර මුත්‍රා යාම, අලස බව හෝ ඇස් පෙනීම දුර්වල වීම වැනි ලක්ෂණ ඇත්නම් වහාම සැලකිලිමත් වන්න

 

7. සහයෝගය වැදගත්

පවුලේ සාමාජිකයන් ලෙස එකිනෙකාගේ සෞඛ්‍ය සීමාවන්ට ගරු කිරීම වැදගත්ය. ආහාර ගැනීමට බල කිරීමෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න විකල්ප සකස් කිරීමට උත්සාහ කරන්න. සීනි සහ කොලෙස්ටරෝල් නිසි ලෙස පාලනය කර ගනිමින් මෙවර අවුරුදු සමය සතුටින් සමරන්න

 

මතකයට…

  • රස කෑම නැවතිය යුතු නෑ – නමුත් ප්‍රමාණය පාලනය කරන්න
  • දිනය පුරාම ටික ටික කෑම නොකන්න
  • දිනකට මිනිත්තු 30ක් වත් ඇවිදින්න
  • බෙහෙත් අමතක නොකරන්න
  • වතුර වැඩිපුර බොන්න

 

Sugar සහ Cholesterol පාලනය කරගෙන සතුටින් අවුරුදු උත්සව සමය ගතකරන්න.

 


සටහන

Dr. Kasunjith D. Vitharanage

  • Senior Registrar in Family MedicineMBBS(Kelaniya), Master of Sexual Health ( Colombo ),
  • MD Family Medicine ( Colombo )
  • Member of Sri Lanka College of Specialist Family Physicians.
  • පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ ලේඛකාදිකාරි සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳ විශේෂ පශ්චාත් උපාධිධාරී

 

 

 

 


See more posts like this

Online Doctor Channeling for Anger Management: A Scientific and Professional Perspective

Type 2 diabetes how to diagnose

Dengue Blood Test

Scroll To Top